background-img

අප ගැන

සුවපහසු දිවියකට අපෙන් සවිය

අපගේ දැක්ම

පවතින සම්පත් කාර්යක්‍ෂම ලෙසත් හා ඵලදායි ලෙසත් යොදවමින් සියලු වැසියන්ට අවශ්‍ය වන්නාවු පහසුකම් හා සේවාවන් ඔවුන් තෘප්තිමත් වන අන්දමින් ඉටුකරමින් සුව පහසු තිරසාර ජනතාවක් බවට පත් කිරීමයි

අපගේ මෙහෙවර

ඇල්ල ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1987 මැයි 11 වන දින සංස්ථාපනය කරන ලදි. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව හා අනෙකුත් නීති රෙගුලාසි වලට අනුකූලව මෙහෙයුම් කටයුතු කරනු ලබන අපගේ ප්‍රාදේශීය සභාවේ, සභා අරමුදල්  කළමනාකරණය කිරීමේ සමස්ත වගකීම මහා සභාව සතුය. සභාපති වරයා උප සභාපතිවරයා ඇතුළු ව සභාවේ සාමාජිකයන් 21කි.එම සාමාජිකයන් පත් කරනු ලබන්නේ මහජන ඡන්දයෙනි. සභාපතිවරයා හා උපසභාපතිවරයා පත් කිරීම සභාවේ බහුතර කැමැත්ත මත සිදු වේ.
ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වන්නේ සභා ලේකම් වන අතර දැනට එම තනතුරේ එච්.ඒ.ඩී.කේ හෙට්ටිආරච්චි මිය කටයුතු කරනු ලබයි. අපි සභාව සංචාරක සංචාරකයන්ගේ නොමද ආකර්ශනයට නතුව පවතින හෙයින් එහි සංවර්ධන කාර්යයන් මෙන්ම අඩුපාඩු ද විදේශයන් කරා වුවද යාමේ හැකියාව පවතී. එබැවින් නිරන්තරයෙන් අපගේ පරිසර හිතකාමී හරිත සංකල්ප උපයෝගී කරගනිමින් මහජනයා සඳහා චින්තනයෙන් යුතුව යහපත් පාලන කේන්ද්‍රයක් පවත්වාගෙන යාම අපගේ අභිලාෂයයි.
ඇල්ල නගරයේ වටා කේන්ද්‍රගතව හා ආවරණය වන පරිදි නිවැරදිව වටිනාකම් ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට අප බැඳී සිටින්නෙමු. මෙමගින් තිරසාර සංවර්ධන අරමුණු ළගා කර ගැනීම අප නිරන්තරයෙන් වෙහෙසේමු. අපගේ ආයතනය තුළින් අනාගතයේ දී ගෝලීය වශයෙන් පවත්නා සාරථකම මෙහෙයුම් දැනටමත් අප දියත් කරමින් පවතින අතර ඉදිරියේදී එය වඩාත් යහපත්ව  සිදුකිරිමට හා  ඌව පළාතේ පළාත් පාලන ආයතන අතර ප්‍රමුඛයා වන්නටත් හැකියාව ලබනු නොඅනුමානය.